අනතුරුව එළඹුනේ වැඩසටහනේ වැදගත්ම අවස්ථාවයි. ඒ හන්තාන ලිනක්ස් කැළණියට හදුන්වාදිමේ අවස්ථාවයි. මේ සඳහා “හන්තාන ලිනක්ස්” නිර්මාතෘ ඩනිෂ්ක නවින් මහතාගේ ආරාධනයෙන් හන්තාන කමියුනිටි වෙනුවෙන් පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිගණක ඉන්ජිනේරු බුද්ධික කරුණානායක මහතායි. පරිගණක මෙහෙයුම් පද්ධතිය, ව්‍යාජ මෘදුකාංග, වානිජ මෘදුකාංග සඳහා දැරිය යුතු වියදම, විවෘත කේත මෘදුකාංග, ග්නූ/ලිනක්ස්, හන්තාන, හන්තානහි අන්තර්ගතය, වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව ලිනක්ස් මෘදුකාංග වල ඇති ඉහළ ගුණාත්මක භාවය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් තම කථාව තුලින් පැහැදිලි කර දුන්නේය. දෙමාපියන් හා කුඩා දරුවන් වැඩි පිරිසක් සිටි බැවින් ලිනක්ස් හි තාක්ෂණික ගුණාංග වලට වඩා එහි අන්තර්ගත වැඩසටහන් පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් කිරීමට එතුමා උත්සහ ගත්තේය. කෙසේ නමුත් පැය දෙකකට ආසන්න කාළයක් තුලදී ලිනක්ස් පිළිබඳ යම් වැටහීමක් පැමිණි පිරිසට ලබා දීමට එතුමා සමත් විය. පිරිස ඇසූ විවිධ ප්‍රශ්න සඳහා ද පිළිතුරු දිමෙන් අනතුරුව එතුමාගේ ෙද්ශනය අවසන් විය.
අනතුරුව ස්තුති කථාව සමග වැඩසටහන නිමා විය. වැඩසටහන මෙහෙයවීමෙන් සහය වූයේ සුරාජ් බස්නායක මහතායි.
වැඩසටහන නිමා වීමෙන් පසු බුද්ධික කරුණානායක මහතා තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් හා විෂය භාර ආචාර්ය වරයා සහ විෂය දැනුම ඇති පිරිසක් සඳහා ලිනක්ස් ටර්මිනලය පිළබඳ පැහැදිලි කර දීමක් කළේය. එය ඒ සියළු දෙනාටම ඉතාමත් වැදගත් විය.
වැඩසටහන නිමා වීමෙන් පසු බුද්ධික කරුණානායක මහතා තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් හා විෂය භාර ආචාර්ය වරයා සහ විෂය දැනුම ඇති පිරිසක් සඳහා ලිනක්ස් ටර්මිනලය පිළබඳ පැහැදිලි කර දීමක් කළේය. එය ඒ සියළු දෙනාටම ඉතාමත් වැදගත් විය.
No comments:
Post a Comment