![]() |
විදුහල්පති තුමා |
මීට වසර කීපයකට කලින් සිසුන් නොමැතිව වැසීමට නියමිතව තිබූ මෙම පාසැල දැනට ඇති තත්වයට පත් කිරීමට වර්තමාන විදුහල්පති තුමා මහත් වෙහෙසක් ගෙන කටයුතු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ බොහෝ දෙනාගේ විශ්වාසය ඇති වීම නිසා ප්‍රදේශයේ දෙමාපියන්ගේ දරුවන් මෙම පාසැලට ඇතුලත් වීමට පෙළඹිනි.
පසුගිය දිනකදී කැලණිය අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන්ට යෙදුණු "ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හන්තාන ලිනක්ස්" වැඩමුළුව සදහා මෙම පාසැලින් පැමිණි ගුරු මහත්මියගේ දැනුවත් කිරීම මත විදුහල්පති තුමා විසින් තම පාසැල තුල හන්තාන ලිනක්ස් ස්ථාපන කර දෙන ලෙස අප වෙත ඉල්ලීමක් කරනු ලැබීය. ඒ අනුව දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලයට ගිය අපහට එහි තිබුණු පරිගණක යන්ත්‍ර 4 ක් සදහා හන්තින ලිනක්ස් ස්ථාපනය කර දීමට හැකි විය. වඩාත් සතුටුදායක කතාව නම් එහි තිබුණු පරිගණක යන්ත්‍ර 4 ම හන්තාන ලිනක්ස් 15 ස්ථාපනය කිරීමට තරම් ප්‍රමාණවත් පිරිවිතර සමන්වීත වීමයි. ඒ අනුව දරුවන්ට ඉතා ප්‍රියශීලි Gnome3 අතුරු මුහුණත තුල වැඩ කිරීමට හැකියාව එම ලැබීම දරුවන් ලැබූ භාග්‍යයකි.