හන්තාන ස්ථාපනය කිරීමේ දිනය

පැමිණි පිරිසක් හන්තාන ගැන දැනුවත් වෙමින්
අගෝස්තු 21

අගෝස්තු 21 දිනය ධීරානන්ද විද්‍යායතන නැණසල ට සු‍විශේෂී දිනයක් විය. ඒ ‍තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියේ අවසාන දිනය වීමයි. එදින ප්‍රදේශයේ නිවෙස්වල තිබූ ක්‍රියා විරහිත ව තිබූ පරිගණක යන්ත්‍ර නැණසල වෙත ගෙනවිත් නොමිලයේ අළුත්වැඩියා කරදීම සිදුකරනු ලැබීය. එසේම නිවෙස්වලින් ගෙනන ලද පරිගණක සඳහා නොමිලයේ හන්තාන ලිනක්ස් ස්ථාපනය කර දීමද සිදුවිය.
රැගෙන එනු ලැබූ පරිගණක ලියාපදිංචි තරමින්

උදෑසන 8.30 සිට ප.ව.6.00 පමණ වන තෙක් මෙම කටයුතු සිදුකරනු ලැබීය. මෙහිදී පරිගණක යන්ත්‍ර 20 කට අධික ප්‍රමාණයක් අළුත්වැඩියා කර ක‍්‍රියාත්මක තත්වයට පත්කරනු ලැබීය. එසේම තවත් පරිගණක 15 කටද ඇතුළුව පරිගණක යන්ත්‍ර 35 කට පමණ ප්‍රමාණයකට හන්තාන ලිනක්ස් ස්ථාපනය කර දෙනු ලැබීය.
පරිගණක අඵත්වැඩියා කරමින්

මහනිද ප්‍රනාන්දු මහතා ඇතිවූ ගැටළුවක් නිරාකරණය කරමින්
මෙම කටයුතු සඳහා සහය දැක්වූ පිරිස් බොහොමයකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ අධ්‍යපන අධ්‍යක්ෂ නීල් ගුණදාස  මහතා ගේ සහ අධ්‍යාපන අමාත්‍යාශයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ සැලසුම් අධ්‍යක්ෂක රත්නසිරි අමරණායක මහතා ගේ ආරාධනයෙන් කැලණිය අධ්‍යාපන කලාපයේ පරිගණක දෘඩාංග කණ්ඩායමෙහි සාමාජික මහතුන් වන කැලණිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය එම්.ඒ.චන්ද්‍රසිරි මහතා සහ දළුගම ශාන්ත පැන්සිස් විද්‍යාලයේ පරිගණක ආචාර්ය ඩී.ඒ. ප්‍රියන්ත ජයතිලක යන මහත්වරු පරිගණක අළුත්වැඩියාව හා දෝෂ නිරාකරණය වෙනුවෙන් ඉමහත් සහයෝගයක් දැක්වීය. තවද ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ  තොරතුරු තාක්ෂණ උප‍දේශක එම්.ධනුෂ්ක කෞෂාල් මහතා සහ ලිනක්ස් සමූහය වෙනුවෙන් Server Administrator මහින්ද ප්‍රනාන්දු මහතාගේ ද උපරිම දායකත්වය ලැබුණි. මහින්ද ප්‍රනාන්දු මහතා පෙ.ව. 7.00 පමණ සිට රාත්‍රී 8.00 පමණ ‍වන තෙක් රැදී සිටිමන් ලිනක්ස් සම්බන්ධව  අපව දැනුවත් කිරීම හා ස්ථාපනයේදී ඇතිවූ ගැටළු සියල්ලම නිරාකරණය කර දීම මෙන්ම අප නැණසලේ පරිගණක ජාලය තුල තිබූ ගැ‍ටළු නිරාකරණය කර විධිමත් ක්‍රියාකාරිත්වයක් ඇතිකරදීම වෙනුවෙන් තමාගේ කාලය සහ ධනය කැපකරමින් අප වෙත ලබා දුන් දායකත්වය ඉතාමත් අගය කොට සලකමු. පරිගණක අමතරකොටස් සැපයිමෙන් දායකත්වය ලබා දුන්නේ මාකාළ - Hi-Q Computer හි අධිපති කපිල මහතා විසිනි. පරිගණක අළුත්වැඩියාවේදී එතුමාගෙන්ද විශාල සේවයක් සිදුවිය.


හන්තාන පෝස්ටර්

හන්තාන ලිනක්ස් හි ඇති වැදගත්කම අවබෝධ කරගත් දිමුතු මුද්‍රණාලයේ කළමණාකාර මහතා හන්තාන ලිනක්ස් පිළිබඳ පෝස්ටර් 200ක් මුද්‍රණය කර අප වෙත ලබා දුන්නේය. එතුමා සමාජයට යහපත් දෙයක් දීමට දැක්වූ සහ‍යෝගය ඉතාමත් ප්‍රශංසනීය වේ.මෙම පෝස්ටර් කැලණිය අධ්‍යාපන කළාපයේ පාසැල් වල දැන්වීම් ‍පුවරු වෙත යැවීමට ක්‍රමවේදයක් සැකසීමට අපි අදහස් කරමු.

අගෝස්තු 17

අගෝස්තු 17
 කැලණිය කලාප කාර්යාලයේ පැත්තක දාලා තිබුණ පරිගණක ගොඩක් එවලා තිබුණා. අළුත්වැඩියා කිරීමේ වැඩසටහනට.

නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම- දෙවන දිනය

රොෂාන්ගේ අම්මා සහ නංගිලා තුන්දෙනා
දිවා ආහාරය ගනිමින්
අගෝස්තු 16- අද දිනය දී වැඩසටහන සඳහා 10 දෙනෙක් සහභාගි වූ නිසා කණ්ඩායම් තුනකට බෙදී ගමන් කිරීමට තීරණය විය. ඊයේ දිනයේ සහභාගි වූ ළමුන් වෙනම කණ්ඩායම් වලට බෙදා දී ගමන් කිරීමට කටයුතු යොදා ගැනුණි. ගමේ පවුල් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් මෙම ක්‍රමය ඉතා යෝග්‍ය විය. අප විසින් මුද්‍රණය කර තිබූ අත් පත්‍රිකා 400 අද හවස 4 වන විට බෙදා අවසන් වීම නිසා සවස 4 ට දවසේ කටයුතු අවසන් කෙරිණ. අද දින දිවා ආහාරය රොෂාන් ‍ගේ දෙමාපියන් විසින් පිළියෙල කර දීම නිසා අපට ඉමහත් සහයෝගයක් විය. ඒ පිළිබඳව රොෂාන්ගේ දෙමාපියන්ට අපගේ ස්තුතිය පිරිනමමු. 

නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම

අ‍ගෝස්තු 15- හවස් වරුවේ නිවෙස් වලට යාමේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. සවස 2 සිට 5 දක්වා නිවෙස් 50 කට වැඩි ප්‍රමාණයකට ගොස් විවෘත කේත මෘදුකාංග හා නැණසල සේවා පිළිබඳ දැනුවත් කිරීමට සමත් විය. අප ගිය නිවෙස් අතරින් පරිගණක නොතිබූ නිවෙස් ගණන අතේ ඇගිලි ගණනටත් අඩු විය. ඒ අතරින් ලිනක්ස් භාවිතා කරන එක් නිවසකුදු නොවීය. එසේම අව්‍යාජ මෘදුකාංග භාවිතා කරන්නන් හමු වූයේ දෙදෙනෙක් පමණී. ‍අනෙක් අ‍යගෙන් බොහෝ දෙනෙක් විවෘත මෘදුකාංග සඳහා කැමැත්තක් දැක්වීය. හන්තාන ප්‍රතිස්ථාපනය සඳහා 21 දින තම පරිගණක ආයතනයට ගෙන ඒමට බොහෝ දෙනෙක් කැමති විය.

තොරතුරු තාක්ෂණ සතියේ සමාරම්භක උලෙල



ශ්‍රී ධීරානන්ද තොරතුරු තාක්ෂණ උළෙල හි සමාරම්භක උ‍ත්සවය 2011 අගෝස්තු මස 14 වැනි ඉරු දින පෙ.ව. 9.00 ට ආරම්භ විය. මෙම අවස්ථාව සඳහා කැලණිය අධ්‍යාපන කළාපයේ තාක්ෂණ විෂය උපදේශක  එම් කේ සී කුලතිලක  මහතා හා සැළසුම් අධ්‍යක්ෂ  සූරියප්පෙරුම මහත්මිය, විශ්‍රාමලත් විදුහල්පති පොඩිරත්න වාසල මහතා කැලණිය අධ්‍යාපන කළාපයේ පරිගණක දෘඩාංග කණ්ඩායම වෙනුවෙන් කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ආචාර්ය චන්ද්‍රසිරි මහතා ගම්පහ නැණසල කළමණාකරණ අධ්‍යක්ෂ ජයන්ත රණවීර මහතා ද සහභාගි විය. මෙම වැඩසටහන සදහා ප්‍රදේශවාසී දරුවන් දෙමාපියන් ඇතුළු සියයකට අධික පිරිසක් සහභාගි විය.

මුලින්ම පොල්තෙල් පහන දැල්වීමෙන් හා ජාතික ගීය ගායනයෙන් අනතුරුව වැඩසටහනට පැමිණි පිරිස  පන්චශීලයෙහි පිහිටුවන ලද්දේ ශ්‍රී ධරානන්ද මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී වැහැර ස්වර්ණරතන හිමියන් විසිනි. ඉන් අනතුරුව වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම හා පැමිණ සිටි පිරිස පිළිගැනීම ශ්‍රී ධීරානන්ද නැණසල කළමණාකරණ අධ්‍යක්ෂ හා ශ්‍රී ධීරානන්ද විද්‍යායතන තොරතුරු තාක්ෂණ විෂය භාර ආචාර්ය ලක්ෂ්මන් තිලකරත්න මහතා විසිනි.  එහි දී අදහස් දැක්වූ ඒ මහතා වැඩිහිටි පරපුර පරිගණ‍කයෙන් ඈත්වීම,  රටතුල බොහෝ දෙනෙක් ව්‍යාජ මෘදුකාංග වලට හුරුවී තිබීම, පරිගණකය ක්‍රීඩා භාණ්ඩයක් ලෙස පරණක් යොදාගැනීම ආදී සමාජ ගැටඵ පවතින බවත් ඒවා‍ට විසදුම් සෙවිමේ වෑයමක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පැවසීය.  තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ ළමා පරපුර ට පරිගණක ආශ්‍රය කරගෙන ඉ‍ගෙනුම් අවස්ථා බොහෝ දුරට පවතින බවත් නමුත් ඒවා බොහෝ දෙනෙක් නොදන්නා බවත්, අන්තර්ජාලය ඵලදායීව භාවිතා කිරීම තුලින් අපගේ කටයුතු ඉතාමත් ඵලදායී කරගත හැකි බවත් ප්‍රකාශ කළේය.


අනතුරුව එළඹුනේ වැඩසටහනේ වැදගත්ම අවස්ථාවයි. ඒ හන්තාන ලිනක්ස් කැළණියට හදුන්වාදිමේ ‍අවස්ථාවයි. මේ සඳහා හන්තාන ලිනක්ස් නිර්මාතෘ ඩනිෂ්ක නවින් මහතාගේ ආරාධනයෙන් හන්තාන කමියුනිටි වෙනුවෙන් පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිගණක ඉන්ජිනේරු බුද්ධික කරුණානායක මහතායි‍. පරිගණක මෙහෙයුම් පද්ධතිය, ව්‍යාජ මෘදුකාංග, වානිජ මෘදුකාංග සඳහා දැරිය යුතු වියදම, විවෘත කේත මෘදුකාංග, ග්නූ/ලිනක්ස්, හන්තාන, හන්තානහි අන්තර්ගතය, වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව ලිනක්ස් මෘදුකාංග වල ඇති ඉහළ ගුණාත්මක භාවය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් තම කථාව තුලින් පැහැදිලි කර දුන්නේය. දෙමාපියන් හා කුඩා දරුවන් වැඩි පිරිසක් සිටි බැවින් ලිනක්ස් හි තාක්ෂණික ගුණාංග වලට වඩා එහි අන්තර්ගත වැඩසටහන් පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් කිරීමට එතුමා උත්සහ ගත්තේය. කෙසේ නමුත් පැය දෙකකට ආසන්න කාළයක් තුලදී ලිනක්ස් පිළිබඳ යම් වැටහීමක් පැමිණි පිරිසට ලබා දීමට එතුමා සමත් විය. පිරිස ඇසූ විවිධ ප්‍රශ්න සඳහා ද පිළිතුරු දිමෙන් අනතුරුව එතුමාගේ ‍ෙ‍ද්ශනය අවසන් විය.

‍අනතුරුව ස්තුති කථාව සමග වැඩසටහන නිමා විය. වැඩසටහන මෙහෙයවීමෙන් සහය වූයේ සුරාජ් බස්නායක මහතායි.
වැඩසටහන නිමා වීමෙන් පසු බුද්ධික කරුණානායක මහතා තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් හා විෂය භාර ආචාර්ය වරයා සහ විෂය දැනුම ඇති පිරිසක් සඳහා ලිනක්ස් ටර්මිනලය පිළබඳ පැහැදිලි කර දීමක් කළේය.  එය ඒ සියළු දෙනාටම ඉතාමත් වැදගත් විය. 

ප්‍රචාරක රථය

  ධීරානන්ද නැණසල - තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතිය පිළිබද ප්‍රදේශ වාසීන් දැනුවත් කිරීම සඳහා 2011.08.12 දින ප්‍රචාරක රථයක් යොදා ගැණුනි. ඒ සඳහා ත්‍රීවීල් රථය ලබා දුන්නේ නැණසල ශිෂ්‍යයෙකුගේ පියෙකු විසිනි. ප්‍රචාරක කටයුතු විද්‍යායතනයේ ලසිත චතුරංග විසින් සිදු කරනු ලැබීය. රාත්‍රී 7.00 ට ආරම්භ කර රාත්‍රී 10.00 වන‍ තෙක් තැඹිලිගස්මුල්ල, ගැමුණු මාවත, භාතිය මාවත, කිරිබත්ගොඩ, පමුණුවිල, දේවාල පාර හා මාකොළ යන ප්‍රදේශ වල ප්‍රචාරක කටයුතු සිදු කරනු ලැබීය




දිවයින පුවත

2011.08.12වන දින දිවයින පුවත්පතේ 24  වන පිටුවෙහි පලවූ අප වැඩසටහන පිලිබද පුවත
මෙම වැඩසටන සදහා අනුසාසන කොට අපට මග පෙන්වා වදාරනු ලබන්නේ ශ්‍රී ධීරානන්ද විද්‍යාතන පරිවේනාධ්පති කොළඹ නව තොටමුනේ උපප්‍රධාන සංඝනායක පූඡ්‍ය පානකාවේ ‍පේමරතන නායක ස්වාමීන් වහන්සේ විසිනි.

හන්තාන වෙනුවෙන් අපි වැඩකරපු හැටි

මේ ඉන්නෙ අපේ ආදරණීය තිලකරත්න සර්














 






2011.08.08:-ඩනිෂ්ක මහත්මයා ගෙන් අපේ සර්ට හන්තාන ලැබුනෙ අදයි,

ධීරානන්ද තොරතුරු තාක්ෂණ සතිය වෙනුවෙන් අපි පෝස්ටර් ගහන්න ගිය හැටි


අපි වැඩේ තිතට කළා 

මේ ඉන්නේ රොෂාන් චාමර නොහොත් අපේ ටෙක්නික්
අපේ කම්පියුටර් ලැබ් එකේ 512Mb ram තියන මැෂින් විතරයි තියෙන්නේ.  හන්තාන run වෙන්න ඇති වුනාට
install කරද්දී ටිකක් අමාරුයි ඒකට අපේ ටෙක්නික් පොඩි ටෙක්නික් වැඩක් දැම්මා  මොකත්ද දන්නවාද?
තව කොම්පියුටරයකින් Ram එකක් ගලවගෙන හයි කරලා හන්තාන install කරලා  පස්සෙ Ram එක ගලවලා දාන එක.වැඩේ තිතටම හරි. ඕනෙනම් කරලා බලලා කමෙන්ට් එකක් දාන්න.

මේ තමයි අපේ Blogger නොහොත් (E-Media) මෙයා තමයි මේ බ්ලොග් අඩවි නර්මාණය කරන්නේ  නම අංජන පිගේරා  පොඩි වැඩකාරයෙක්

මේ අපේ ටීම් එකේ ටික දෙනෙක්.අපිට තියනඑකම D.V.D. Writter එක මාරු කර කර අපි මෙහෙම තමයි හන්තාන දා ගත්තේ.                                                                                                                
අද 2011-08-11 අද වෙනකොට අපි කම්පියුටර් 11 කට හන්තාන ලිනක්ස් දැම්මා .ඒවා ඔක්කොම තිතට වැඩ.

ශ්‍රී ධීරානන්ද විද්යායතන නැණසලෙන් තොරතුරු තාක්ෂණ ප්රවර්ධන සතියක්

කිරිබත්ගොඩ- මාකොල- තැඹිලිගස්මුල්ල ශ්රී ධීරානන්ද විද්යායතන පිරිවෙන් පරිගණක ඒකකය හා නැණසල ඒකාබද්ධව අගොස්තු මස 14 සිට 21 දක්වා තොරතුරු තාක්ෂණ ප්රවර්ධන සතියක් ක්රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.
     දැනට ශ්රී ලංකාවේ පවත්නා ප්රධානතම ගැටළුවක් ලෙස පරිගණක මෘදුකාංග පිළිබඳ ගැටළුව හදුනාගෙන ඒ සඳහා විකල්පයක් ලෙස විවෘත කේත මෘදුකාංග ( Free and Open Source Software) සමාජයට හදුන්වාදීම මෙහි ප්රධානතම අරමුණක් වේ. දැනට අප රට තුල භාවිතා කෙරෙන පරිගණක මෘදුකාංග වලින් 90% පමණ නීති විරෝධීව පිටපත් කරන ලද ව්යාජ මෘදුකාංග වේ. මෙම ව්යාජ පිටපත් වලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම දැනට ආරම්භ වී ඇති අතර මේ වන විට කොළඹ නගරයේ පරිගණක අලෙවිසැල් මගින් ව්යාජ පිටපත් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා ඇත. මේ තත්වය ඉදිරියට රට පුරා ව්ප්ත වනු ඇත.
     අපි කුමක් කරමුද? අපි සියළුදෙනා නීතිය ඉදිරියේ වරද කරුවන් වෙමුද? නැතහොත් අපගේ පරිගණක තුලට එක් පරිගණකයක් සඳහා රුපියල් ලක්ෂයකට වඩා වියදම් කර මෘදුකාංග ස්ථාපනය කර ගනිමුද? මේ කටයුතු දෙකම අපට කළ නොහැකිය. මේ සඳහා සුදුසුම විසදුම වන්නේ විවෘත කේත මෘදුකාංග භාවිතයට අප හුරු වීමයි. විවෘත මෘදුකාංග යනු නොමිලයේ ලබාගතහැකි ඕනෑම අයෙකුට සංවර්ධනය කිරීමේ නිදහස ඇති මෘදුකාංග විශේෂයකි. වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව මේවායේ ඉහල ගුණාත්මක භාවයක් ද ඇත. එසේම පිටපත් කිරීමේ නිදහසද පවතී.
     ධීරානන්ද තොරතුරු තාක්ෂණ ප්රවර්ධන සතිය තුලදී “හන්තාන ලිනක්ස්” පරිගණක වැඩසටහන් පද්ධතිය ප්රදේශයට හදුන්වා දීම සිදුකරයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ විවෘත මෘදුකාංග පද්ධතියක් වීම, අධ්යාපනික මෘදුකාංග රාශියක් අන්තර්ගතව තිබීමත්, සිංහල, දෙමළ භාෂා සදහා හොද අනුකූලතාවයක් දැක්වීමත් සදහන් කල හැකිය.
     මීට අමතරව වැඩිහිටි පරම්පරාව පරිගණකය පිළිබද දැනුවත් කිරීම, ළමුන් සදහා ක්රීඩා භාණ්ඩයක් ලෙස නොව ඉගෙනුම් මෙවලමක් ලෙස පරිගණකය භාවිතා කිරීමට හුරුකිරීම  සදහා විශේෂ වැඩසටහන් ද ක්රියාත්මක වේ.


මෙහිදී ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන වැඩසටහන්

අ‍ගෝස්තු 14 පෙ.ව. 9.00 සිට 12.00 දක්වා
·        ‍විශේෂ දේශනය- පරිගණකය හා දරුවා
·        විශේෂ දේශනය- විවෘත කේත මෘදුකාංග හා ශ්‍රී ලංකාවේ අනාගතය
·        හන්තාන ලිනක්ස් හඳුන්වාදීම

අගොස්තු 15-20
     නිවෙසින් නිවසට ගොස් විවෘත කේත මෘදුකාංග පිළිබඳ හා අන්තර්ජාලය තුල සිංහල භාවිතය පිළිබඳ දැනුවත් කිරීම

අගෝස්තු 21-
නොමි‍ලයේ පරිගණක අළුත්වැඩියා කිරීමේ වැඩමුළුව
          ප්‍රදේශයේ නිවෙස්වල ඇති අබලි වූ පරිගණක ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයට ගෙනවිත් අළුත්වැඩියා කරදීමේ වැඩසටහන.
         
මෙම කටයුතු වලට සමගාමීව පරිගණක අලෙවිසැලක් ද ක්‍රියාත්මක වේ.

          ප්‍රදේශ වාසීන්‍ට මෙහිදී අඩු මිලට වගකීමක් සහිතව පරිගණක යන්ත්‍ර මිලදී ගැනිමට මෙහිදී අවස්ථාව ලැබේ.

     මෙම සමස්ථ කටයුතු සඳහා අනුශාසකත්වය දක්වනු ලබන්නේ තැඹිලිගස්මුල් ශ්රී ධීරානන්ද විද්යායතන පරිවේනාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය සද්ධර්මකීර්ති ශ්‍රී පානකාවේ පේමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම කටයුතු මෙහෙයවනු ලබන්නේ විද්යායතනීය පරිගණක අංශභාර ආචාර්ය හා නැණසල කළමණාකරණ අධ්යක්ෂ ලක්ෂ්මන් තිලකරත්න මහතා සහ ආයතනයේ තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් විසිනි.

මෙම කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය  (ICTA) හා කැළණිය කළාප අධ්‍යාපන කාර්යාලය හි සහය ලැබෙන අතර එම නිළධාරී මහත්ම මහත්මීන් ද ප්‍රදේශයේ ප්‍රභූ පිරිස්ද මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිතය.