දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය තුල හන්තාන බල ගැන්වේ



විදුහල්පති තුමා
බප/ කැල/ දිප්පිටිගොඩ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය යනු කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කුඩා පාසැලකි. කොළඹ- නුවර මාර්ගයේ දළුගම 6 කණුව හන්දියෙන් වමට හැරී කි.මී. එකක් පමණ ගිය තැන මෙම පාසැල හමුවේ. දැනට මෙම පාසැලේ දරුවන් 175 ක් පමණ ඉගෙනුම ලබන අතර ගුරු මණ්ඩලයේ පස් දෙනෙක් සේවයේ යෙදේ. විදුහල්පති ධූරය දරනුයේ අතුල රොහාන් මහතායි.

මීට වසර කීපයකට කලින් සිසුන් නොමැතිව වැසීමට නියමිතව තිබූ මෙම පාසැල දැනට ඇති තත්වයට පත් කිරීමට වර්තමාන විදුහල්පති තුමා මහත් වෙහෙසක් ගෙන කටයුතු කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ බොහෝ දෙනාගේ විශ්වාසය ඇති වීම නිසා ප්‍රදේශයේ දෙමාපියන්ගේ දරුවන් මෙම පාසැලට ඇතුලත් වීමට පෙළඹිනි.
පසුගිය දිනකදී කැලණිය අධ්‍යාපන කාර්යාලය මගින් පවත්වන්ට යෙදුණු "ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හන්තාන ලිනක්ස්" වැඩමුළුව සදහා මෙම පාසැලින් පැමිණි ගුරු මහත්මියගේ දැනුවත් කිරීම මත විදුහල්පති තුමා විසින් තම පාසැල තුල හන්තාන ලිනක්ස් ස්ථාපන කර දෙන ලෙස අප වෙත ඉල්ලීමක් කරනු ලැබීය. ඒ අනුව දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලයට ගිය අපහට එහි තිබුණු පරිගණක යන්ත්‍ර 4 ක් සදහා හන්තින ලිනක්ස් ස්ථාපනය කර දීමට හැකි විය. වඩාත් සතුටුදායක කතාව නම් එහි තිබුණු පරිගණක යන්ත්‍ර 4 ම හන්තාන ලිනක්ස් 15 ස්ථාපනය කිරීමට තරම් ප්‍රමාණවත් පිරිවිතර සමන්වීත වීමයි.  ඒ අනුව දරුවන්ට ඉතා ප්‍රියශීලි Gnome3 අතුරු මුහුණත තුල වැඩ කිරීමට හැකියාව එම ලැබීම දරුවන් ලැබූ භාග්‍යයකි.





පින්තුර උඩුගත කිරීමට කලින්..........

අප අද පටන් අපේ බ්ලොග් අඩවියේ හාන්තාන මෘදුකාංග හා භාවිතයේදී අවශ්‍ය වන දැ පිළිබද ව කතා කිරීමට සිතුනා. බොහෝ කාලයක් තිස්සේ අපේ බ්ලොග් අඩවියේ කිසිම දෙයක් නොලියවීමට හේතු තිබ්බා. ඒ ගැන කතා නොක ර අද මාතෘකාව ගැන කතා කරමු.

අපි බොහෝ දෙනෙක් ඩිජිටල් කැමරා භාවිතා කරනවා. ඒවායින් ගන්නා ඡායාරූප එකිනෙකා සමග හුවමාරු කර ගන්නවා. ඒ වගේම අපේ බ්ලොග් වල, වෙබ් සයිට් වල, මූණු පොතේ, වගේ තැන්වලට උඩුගත කරනවා. එහෙම කරන්නට කලින් හිතන්න වෙන දෙයක් ගැනයිමේ ලියන්නේ

අළුත් කැමරා වල මෙගා පික්සෙල් අගය ගොඩක් වැඩියි. ඒවගෙන් පින්තුර ගත්තම ඒවගේ ෆයිල් සයිස් එක ගොඩක් ලොකුයි. මෙගාබයිට් 3 ක් 5 ක් සමහර විට ඊටත් වඩා වැඩියි. ඒ වගේ පින්තුර 10 ක් විතර ගත්තොත් මෙගා බයිට 30 ක් 50 ක් තරම් විශාල වෙනවා. අපි මේ ටිට ඊ මේල් කරන්න ගියාම තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. මොකද ඊමේල් එකේ ඇටැච්මන්ට් සයිස් එක වැඩි වෙන එක. ගොඩක් ඒවගේ 30 ක් මෙගාබයිට් වලට වඩා දෙන්නේ නැ. ඒ වගේ මයි ඒක ඇටැච් වෙන්න යන කාලය. සැහෙන වෙලාවක් බලා ඉන්න වෙනවා. අනික ඇත්තටම අපිට ඒ වගේ ලොකු සයිස් පින්තුරයක් ඕනෙද කියන එක තමයි අනිත් ප්‍රශ්නය. ඇත්තටම ඕනෙම නම් කමක් නැ.  ඒත් බොහෝ විට අපිට වඩා විශාල පින්තුර ඕනේ නැ.

අනික වෙබ් සයිට් එකක ට හරි මූණු පොතට හරි බ්ලොග් එකකට හරි ලොකු පින්තුර උඩුගත කලාට වැඩක් නැ. ඒවා අපිට පෙන්වන සයිස් එකට කුඩා කරලා තමයි පෙන්වන්නේ. වෙබ් පිටුවක නම් උපරිම පළල පික්සෙල් 900 ක් 1000 ක් වගේ තමයි තියෙන්නේ. එතකොට අපි යවන පින්තුරයත් ඒ ප්‍රමාණයට කුඩා කරලා තමයි පෙන්වන්නේ. ඉතිං ඒ ප්‍රමාණයට ගන්න පින්තුරයක සයිස් එක කිලෝ බයිට් ගාණට අඩු වෙනවා. එහෙම වුනොත් අපිට යවන්න පුළුවන් පින්තුර ගණනත් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම යන කාලයත් ගොඩක් අඩු වෙනවා. වියදමත් ගොඩක් ඉතිරි වෙනවා. මොකද ගොඩක් බ්රෝඩ්බැන්ඩ් ලයින් වල අය වන්නේ භාවිතා කරන දත්ත ප්‍රමාණයට වීමයි.

ප්‍රශ්නේ ඒක නෙවෙයි. කොහොමද පින්තුරයක සයිස් එක අඩු කර ගන්නේ කියන එක. මේකට මොකක් හරි ෆොටෝ එඩිටින් ටූල් එකක් (Gimp, Photoshop) වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක් පින්තුර ගොඩක් තිබුනොත් එකින් එක කරන්න වෙන අමාරුව ගැන හිතුවම වැඩේ එපා වෙනවා.

හැබැයි හන්තාන භාවිතා කරන අපිට මේ ප්‍රශ්ණය ප්‍රශ්නයක්ම නෙවෙයි.

හන්තානේ තියන File Manager එකෙන් අදාල පින්තුර තියෙන බහාලුමට නැත්තං ෆෝල්ඩර් එකට යන්න. කුඩා කල යුතු පින්තුර ඔක්කොම තෝරලා රයිට් ක්ලික් කරලා Resize images තෝරන්න. ඊට පස්සේ පින්තුර කොපමණ ප්‍රතිශතයකින් කුඩා කරන්න ඕනෙද එහෙම නැත්තං දිග පළල දීලා ඒ ගානට කුඩා කර ගන්ට ඕනෙද කියලා දෙන්ට.


පුදුම හිතෙයි. ඒ ඔක්කොම පින්තුර ටික කුඩා වේවි ඔබ කියු ලෙසටම. දැන් ඉතිං ඒ ඔක්කොම එක ෆෝල්ඩරයකට දාලා Zip කරලා මේල් කරන්න පුඵවන්. එහෙම නැත්තං උඩුගත කරන් පුළුවන් ඕනෙ තැනකට.

Zip කරන එක කරන්නත් රයිට් ක්ලික් කරලා කරන්න පුඵවන්..

මේ මම එහෙම කරපු තැනක්....
http://www.dheerananda.org/sinhala/index.php?option=com_content&view=article&id=108&Itemid=94

බලන්න ඔබට මෙය ප්‍රයෝජනවත් වූවාද කියා....

ප්‍රාථමික අධ්‍යාපනය සදහා හන්තාන ලිනක්ස් - දෙවන වැඩසටහන

ප්‍රාථමික ගුරුවරුන් සදහා පරිගණක ආශ්‍රිත ඉගැන්විම හුරු කිරීම සදහා කැලණිය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අංශය හා තොරතුරු තාක්ෂණ අංශය එක්ව සංවිධානය කල වැඩසටහනේ දෙවන අදියර කැලණිය අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික ගුරුවරුන් සදහා 2012-03-29 වැනි දින බප/කැල/ මහර ජනාධිපති විද්‍යාලයේදී පවත්වන්නට යෙදුනි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ ඇති ප්‍රාථමික අධ්‍යාපන මෘදුකාංග කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ප්‍රාථමික අධ්‍යාපනය සදහා හන්තාන ලිනක්ස්

වත්තල අධ්‍යාපන කොට්ටාශයේ ප්‍රාථමික ගුරුවරුන් සදහා පරිගණක පුහුණු වැඩසටහනක් අද දින එනම් 2012-මාර්තු 28 වන දින කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුනි. එහිදී ප්‍රාථමික පන්ති සදහා පරිගණක ආශ්‍රිතව ඉගැන්වීම සදහා මෘදුකාංහ කට්ටලයක් ලෙස හන්තාන ලිනක්ස් හි ඇති ප්‍රාථමික අධ්‍යාපන මෘදුකාංග හදුන්වා දෙනු ලැබීය. එම අවස්ථාවට වත්තල අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික පන්ති උගන්වන ගුරු මහත්මීන් 30ක් පමණ දෙනෙක් සහභාගි වූ අතර ඒ සියළු දෙනාම එම මෘදුකාංග පිළිබද ඉතා ඇගයීමෙන් යුක්තව කතා කල අතර බොහෝ දෙනෙක් තම ඉගැනුම් කටයුතු සදහා ඒවා යොදාගැනිමට කටයුතු කරන බව ප්‍රකාශ කරනු ලැබීය

හොදම නැණසල බ්ලොග් අඩවිය

රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය ඒකකය මගින් පවත්වන්නට යෙදුන සිංහල බ්ලොග් කරන තරගාවලියේ නැණසල අංශය යේ හොදම බ්ලොග් අඩවිය ලෙස Hanthana From Dheerananda බ්ලොග් අඩවිය තේරී ඇති බව සතුටින් දැනුම් දෙමු.


මෙම ජයග්‍රහණය පසුපස සිටින බොහෝ දෙනා මේ අවස්ථාවෙ සිහිපත් කරමු. බ්ලොග්කරණය පිළිබද පැහැදිලි දසුනක් අප වෙත නොතිබූ අවස්ථාවේ හන්තාන ලිනක්ස් වෙනුවෙන් අප සිදුකරන දැ ඇතුලත් කිරමට බ්ලොග් අඩවියක් තැනිමට අපව දිරිමත් කල ඩනිෂ්ක නවීන් මහතාට අපගේ සැම ක්‍රියාවකදීම අප පසුපස සිටි හන්තාන ලිනක්ස් කණ්ඩායමටත් මෙම තරගයට අපේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට පාර කියා දුන් බිම්සර ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු

හන්තාන 15 සමගින් ධීරානන්දය

බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතනය සදහා නව පරිගණක යන්ත්‍ර දෙකක් මාකොල Saw Engineering පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අතුල ජයරත්න මහතා විසින් 2012.01.30 වැනි දින පරිත්‍යාග කරන්නට යෙදුනි.

මේ පරිගණක දෙකෙහිම හන්තාන ලිනක්ස් 15 ස්ථාපනය කරන්නට හැකිවූ බැවින් අද දින සිට හන්තාන ලිනක්ස් 15සමග වැඩ කරන්නට හැකි බව සතුටින් ප්‍රකාශ කරමු.






කැලණි ප්‍රතිභා ප්‍රදර්ශනය

කැලණිය අධ්‍යාපන කලාපය තුල දක්ෂතා සහිත දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් 2011-12-08 වැනි දින බප/කැල/ සපුගස්කන්ද මහා විද්‍යාලයේදී පැවැත්වීමට යෙදුනි. එම අවස්ථාවට හන්තාන ලිනක්ස් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවක් අපට උදාවිය. තොරතුරු තාක්ෂණය ප්‍රදර්ශන කුටියේ හන්තාන ලිනක්ස් පිලිබදව දැනුවත් කිරීම සඳහා ධීරානන්දයේ කණ්ඩායම ක්‍රියාකල ආකාරය පිළිබද ඡායාරුප කීපයක් දක්වා ඇත.