හන්තාන ස්ථාපනය කිරීමේ දිනය

පැමිණි පිරිසක් හන්තාන ගැන දැනුවත් වෙමින්
අගෝස්තු 21

අගෝස්තු 21 දිනය ධීරානන්ද විද්‍යායතන නැණසල ට සු‍විශේෂී දිනයක් විය. ඒ ‍තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියේ අවසාන දිනය වීමයි. එදින ප්‍රදේශයේ නිවෙස්වල තිබූ ක්‍රියා විරහිත ව තිබූ පරිගණක යන්ත්‍ර නැණසල වෙත ගෙනවිත් නොමිලයේ අළුත්වැඩියා කරදීම සිදුකරනු ලැබීය. එසේම නිවෙස්වලින් ගෙනන ලද පරිගණක සඳහා නොමිලයේ හන්තාන ලිනක්ස් ස්ථාපනය කර දීමද සිදුවිය.
රැගෙන එනු ලැබූ පරිගණක ලියාපදිංචි තරමින්

උදෑසන 8.30 සිට ප.ව.6.00 පමණ වන තෙක් මෙම කටයුතු සිදුකරනු ලැබීය. මෙහිදී පරිගණක යන්ත්‍ර 20 කට අධික ප්‍රමාණයක් අළුත්වැඩියා කර ක‍්‍රියාත්මක තත්වයට පත්කරනු ලැබීය. එසේම තවත් පරිගණක 15 කටද ඇතුළුව පරිගණක යන්ත්‍ර 35 කට පමණ ප්‍රමාණයකට හන්තාන ලිනක්ස් ස්ථාපනය කර දෙනු ලැබීය.
පරිගණක අඵත්වැඩියා කරමින්

මහනිද ප්‍රනාන්දු මහතා ඇතිවූ ගැටළුවක් නිරාකරණය කරමින්
මෙම කටයුතු සඳහා සහය දැක්වූ පිරිස් බොහොමයකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ඒකකයේ අධ්‍යපන අධ්‍යක්ෂ නීල් ගුණදාස  මහතා ගේ සහ අධ්‍යාපන අමාත්‍යාශයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ සැලසුම් අධ්‍යක්ෂක රත්නසිරි අමරණායක මහතා ගේ ආරාධනයෙන් කැලණිය අධ්‍යාපන කලාපයේ පරිගණක දෘඩාංග කණ්ඩායමෙහි සාමාජික මහතුන් වන කැලණිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය එම්.ඒ.චන්ද්‍රසිරි මහතා සහ දළුගම ශාන්ත පැන්සිස් විද්‍යාලයේ පරිගණක ආචාර්ය ඩී.ඒ. ප්‍රියන්ත ජයතිලක යන මහත්වරු පරිගණක අළුත්වැඩියාව හා දෝෂ නිරාකරණය වෙනුවෙන් ඉමහත් සහයෝගයක් දැක්වීය. තවද ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ  තොරතුරු තාක්ෂණ උප‍දේශක එම්.ධනුෂ්ක කෞෂාල් මහතා සහ ලිනක්ස් සමූහය වෙනුවෙන් Server Administrator මහින්ද ප්‍රනාන්දු මහතාගේ ද උපරිම දායකත්වය ලැබුණි. මහින්ද ප්‍රනාන්දු මහතා පෙ.ව. 7.00 පමණ සිට රාත්‍රී 8.00 පමණ ‍වන තෙක් රැදී සිටිමන් ලිනක්ස් සම්බන්ධව  අපව දැනුවත් කිරීම හා ස්ථාපනයේදී ඇතිවූ ගැටළු සියල්ලම නිරාකරණය කර දීම මෙන්ම අප නැණසලේ පරිගණක ජාලය තුල තිබූ ගැ‍ටළු නිරාකරණය කර විධිමත් ක්‍රියාකාරිත්වයක් ඇතිකරදීම වෙනුවෙන් තමාගේ කාලය සහ ධනය කැපකරමින් අප වෙත ලබා දුන් දායකත්වය ඉතාමත් අගය කොට සලකමු. පරිගණක අමතරකොටස් සැපයිමෙන් දායකත්වය ලබා දුන්නේ මාකාළ - Hi-Q Computer හි අධිපති කපිල මහතා විසිනි. පරිගණක අළුත්වැඩියාවේදී එතුමාගෙන්ද විශාල සේවයක් සිදුවිය.