දිවයින පුවත්

2011 -09 - 30 දින දිවයින පුවත් පතෙහි පළවූ ලිපිය

කැලණිය අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සදහා හන්තාන ලිනක්ස් හදුන්වා දීමේ වැඩසටහන

කැලණිය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් හා සිසුන් සදහා හන්තාන ලිනක්ස් හදුන්වා දීමේ වැඩසටහනක් 2011-09-31 දින පෙ.ව. 9.00 සිට ප.ව.2.00 දක්වා වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන්නට යෙදුනි. මේ සදහා කැලණිය කලාපයේ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරු මහත්ම මහත්මීන් 40 කට අධික සංඛ්‍යාවක් ද සිසු සිසුවියන් 150 කට අධික සංඛ්‍යාවක් ද සම්බන්ධ විය. මෙහිදී සෑම පාසැලකටම එක් හන්තාන ලිනක්ස් DVD තැටියක් හා හන්තාන ලිනක්ස් පෝස්ටරයක් බැගින් ලබා දීමට අපට හැකි විය.

 කැලණිය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණය විෂය අධ්‍යක්ෂිකා තිලිණා නානායක්කාර මහත්මිය හා තොරතුරු තාක්ෂණය ගුරු උපදේශක චින්තක කුලතිලක මහතාගේ අනුග්‍රාහක මග පෙන්වීම මත ධීරානන්ද හන්තාන ප්‍රජාවේ කණ්ඩායම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. වැඩසටහන මෙහෙයවිම ගා/කලහේ ශ්‍රී සංමගලෝදය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය විෂය භාර ආචාර්ය බන්දුල පුෂ්පකුමාර මහතා හා බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙනෙහි තොරතුරු තාක්ෂණය විෂය භාර ආචාර්ය හා ධීරනන්ද නැණසල කළමණාකාර අධ්‍යක්ෂ ලක්ෂ්මන් තිලකරත්න යන මහත්වරු විසින් සිදු කරනු ලැබිය. මෙම අවස්ථාවට යෞවන කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ උපදේශක ධනිෂ්ක කෞෂාල් මහතාද සහභාගි විය.