නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම- දෙවන දිනය

රොෂාන්ගේ අම්මා සහ නංගිලා තුන්දෙනා
දිවා ආහාරය ගනිමින්
අගෝස්තු 16- අද දිනය දී වැඩසටහන සඳහා 10 දෙනෙක් සහභාගි වූ නිසා කණ්ඩායම් තුනකට බෙදී ගමන් කිරීමට තීරණය විය. ඊයේ දිනයේ සහභාගි වූ ළමුන් වෙනම කණ්ඩායම් වලට බෙදා දී ගමන් කිරීමට කටයුතු යොදා ගැනුණි. ගමේ පවුල් විශාල සංඛ්‍යාවක් සිටින බැවින් මෙම ක්‍රමය ඉතා යෝග්‍ය විය. අප විසින් මුද්‍රණය කර තිබූ අත් පත්‍රිකා 400 අද හවස 4 වන විට බෙදා අවසන් වීම නිසා සවස 4 ට දවසේ කටයුතු අවසන් කෙරිණ. අද දින දිවා ආහාරය රොෂාන් ‍ගේ දෙමාපියන් විසින් පිළියෙල කර දීම නිසා අපට ඉමහත් සහයෝගයක් විය. ඒ පිළිබඳව රොෂාන්ගේ දෙමාපියන්ට අපගේ ස්තුතිය පිරිනමමු. 

නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම

අ‍ගෝස්තු 15- හවස් වරුවේ නිවෙස් වලට යාමේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. සවස 2 සිට 5 දක්වා නිවෙස් 50 කට වැඩි ප්‍රමාණයකට ගොස් විවෘත කේත මෘදුකාංග හා නැණසල සේවා පිළිබඳ දැනුවත් කිරීමට සමත් විය. අප ගිය නිවෙස් අතරින් පරිගණක නොතිබූ නිවෙස් ගණන අතේ ඇගිලි ගණනටත් අඩු විය. ඒ අතරින් ලිනක්ස් භාවිතා කරන එක් නිවසකුදු නොවීය. එසේම අව්‍යාජ මෘදුකාංග භාවිතා කරන්නන් හමු වූයේ දෙදෙනෙක් පමණී. ‍අනෙක් අ‍යගෙන් බොහෝ දෙනෙක් විවෘත මෘදුකාංග සඳහා කැමැත්තක් දැක්වීය. හන්තාන ප්‍රතිස්ථාපනය සඳහා 21 දින තම පරිගණක ආයතනයට ගෙන ඒමට බොහෝ දෙනෙක් කැමති විය.