ශ්‍රී ධීරානන්ද විද්යායතන නැණසලෙන් තොරතුරු තාක්ෂණ ප්රවර්ධන සතියක්
කිරිබත්ගොඩ- මාකොල- තැඹිලිගස්මුල්ල ශ්රී ධීරානන්ද විද්යායතන පිරිවෙන් පරිගණක ඒකකය හා නැණසල ඒකාබද්ධව අගොස්තු මස 14 සිට 21 දක්වා තොරතුරු තාක්ෂණ ප්රවර්ධන සතියක් ක්රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

අපි කුමක් කරමුද? අපි සියළුදෙනා නීතිය ඉදිරියේ වරද කරුවන් වෙමුද? නැතහොත් අපගේ පරිගණක තුලට එක් පරිගණකයක් සඳහා රුපියල් ලක්ෂයකට වඩා වියදම් කර මෘදුකාංග ස්ථාපනය කර ගනිමුද? මේ කටයුතු දෙකම අපට කළ නොහැකිය. මේ සඳහා සුදුසුම විසදුම වන්නේ විවෘත කේත මෘදුකාංග භාවිතයට අප හුරු වීමයි. විවෘත මෘදුකාංග යනු නොමිලයේ ලබාගතහැකි ඕනෑම අයෙකුට සංවර්ධනය කිරීමේ නිදහස ඇති මෘදුකාංග විශේෂයකි. වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව මේවායේ ඉහල ගුණාත්මක භාවයක් ද ඇත. එසේම පිටපත් කිරීමේ නිදහසද පවතී.
ධීරානන්ද තොරතුරු තාක්ෂණ ප්රවර්ධන සතිය තුලදී “හන්තාන ලිනක්ස්” පරිගණක වැඩසටහන් පද්ධතිය ප්රදේශයට හදුන්වා දීම සිදුකරයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ විවෘත මෘදුකාංග පද්ධතියක් වීම, අධ්යාපනික මෘදුකාංග රාශියක් අන්තර්ගතව තිබීමත්, සිංහල, දෙමළ භාෂා සදහා හොද අනුකූලතාවයක් දැක්වීමත් සදහන් කල හැකිය.
මීට අමතරව වැඩිහිටි පරම්පරාව පරිගණකය පිළිබද දැනුවත් කිරීම, ළමුන් සදහා ක්රීඩා භාණ්ඩයක් ලෙස නොව ඉගෙනුම් මෙවලමක් ලෙස පරිගණකය භාවිතා කිරීමට හුරුකිරීම සදහා විශේෂ වැඩසටහන් ද ක්රියාත්මක වේ.
මෙහිදී ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන වැඩසටහන්
අගෝස්තු 14 – පෙ.ව. 9.00 සිට 12.00 දක්වා
· විශේෂ දේශනය- පරිගණකය හා දරුවා
· විශේෂ දේශනය- විවෘත කේත මෘදුකාංග හා ශ්‍රී ලංකාවේ අනාගතය
· හන්තාන ලිනක්ස් හඳුන්වාදීම
අගොස්තු 15-20
නිවෙසින් නිවසට ගොස් විවෘත කේත මෘදුකාංග පිළිබඳ හා අන්තර්ජාලය තුල සිංහල භාවිතය පිළිබඳ දැනුවත් කිරීම
අගෝස්තු 21-
නොමිලයේ පරිගණක අළුත්වැඩියා කිරීමේ වැඩමුළුව
ප්‍රදේශයේ නිවෙස්වල ඇති අබලි වූ පරිගණක ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයට ගෙනවිත් අළුත්වැඩියා කරදීමේ වැඩසටහන.
මෙම කටයුතු වලට සමගාමීව පරිගණක අලෙවිසැලක් ද ක්රියාත්මක වේ.
ප්‍රදේශ වාසීන්‍ට මෙහිදී අඩු මිලට වගකීමක් සහිතව පරිගණක යන්ත්‍ර මිලදී ගැනිමට මෙහිදී අවස්ථාව ලැබේ.
මෙම සමස්ථ කටයුතු සඳහා අනුශාසකත්වය දක්වනු ලබන්නේ තැඹිලිගස්මුල්ල ශ්රී ධීරානන්ද විද්යායතන පරිවේනාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය සද්ධර්මකීර්ති ශ්‍රී පානකාවේ පේමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම කටයුතු මෙහෙයවනු ලබන්නේ විද්යායතනීය පරිගණක අංශභාර ආචාර්ය හා නැණසල කළමණාකරණ අධ්යක්ෂ ලක්ෂ්මන් තිලකරත්න මහතා සහ ආයතනයේ තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් විසිනි.
මෙම කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා කැළණිය කළාප අධ්‍යාපන කාර්යාලය හි සහය ලැබෙන අතර එම නිළධාරී මහත්ම මහත්මීන් ද ප්‍රදේශයේ ප්‍රභූ පිරිස්ද මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිතය.