නිවාඩුවෙන් පසු

පාසැල් නිවාඩු කාලය අවසන් වෙලා මාසයක විතර කාලයක් ගතවී ඇත. මෙම කාලය තුල හන්තාන ලිනක්ස් ව්‍යාප්ත කිරීමට සිදුකරන ලද ක්‍රියාකාරකම් බොහාමයක් තිබූ නමුත් ඒ පිළිබදව ලිවීමට නොහැකි වීම පිළිබදව කණගාටු වෙමු.
මේ වන විට අප ප්‍රදේශයට හන්තාන ලිනක්ස් යනු අලුත් දෙයක් නොවන තැනට පත්වී ඇති බව සතුටින් යුතුව ප්‍රකාශ කල යුතුය. සෑම දිනකම පාහේ කවරෙකු හෝ මේ පිළබද විමසා DVD තැටි රැගෙන යාම එයට ප්‍රධානම සාක්ෂියකි. අප ප්‍රදේශයේ පරිගණක වෙලදසැල් දෙකක දැනට හන්තන ස්ථාපනය කිරීම අරඹා ඇත. ඔවුන් අලෙවි කරන පරිගණක සදහා මෙහෙයුම් පද්ධතිය ලෙස හන්තාන ලිනක්ස් ඇතුල් කිරීම අපටද මහත් සතුටකි.

(ඡායාරෑප ඇත. පසුව එක් කරමි- සමාවන්න)