ප්‍රාථමික අධ්‍යාපනය සදහා හන්තාන ලිනක්ස් - දෙවන වැඩසටහන

ප්‍රාථමික ගුරුවරුන් සදහා පරිගණක ආශ්‍රිත ඉගැන්විම හුරු කිරීම සදහා කැලණිය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අංශය හා තොරතුරු තාක්ෂණ අංශය එක්ව සංවිධානය කල වැඩසටහනේ දෙවන අදියර කැලණිය අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික ගුරුවරුන් සදහා 2012-03-29 වැනි දින බප/කැල/ මහර ජනාධිපති විද්‍යාලයේදී පවත්වන්නට යෙදුනි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ ඇති ප්‍රාථමික අධ්‍යාපන මෘදුකාංග කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

ප්‍රාථමික අධ්‍යාපනය සදහා හන්තාන ලිනක්ස්

වත්තල අධ්‍යාපන කොට්ටාශයේ ප්‍රාථමික ගුරුවරුන් සදහා පරිගණක පුහුණු වැඩසටහනක් අද දින එනම් 2012-මාර්තු 28 වන දින කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේදී පවත්වන්නට යෙදුනි. එහිදී ප්‍රාථමික පන්ති සදහා පරිගණක ආශ්‍රිතව ඉගැන්වීම සදහා මෘදුකාංහ කට්ටලයක් ලෙස හන්තාන ලිනක්ස් හි ඇති ප්‍රාථමික අධ්‍යාපන මෘදුකාංග හදුන්වා දෙනු ලැබීය. එම අවස්ථාවට වත්තල අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රාථමික පන්ති උගන්වන ගුරු මහත්මීන් 30ක් පමණ දෙනෙක් සහභාගි වූ අතර ඒ සියළු දෙනාම එම මෘදුකාංග පිළිබද ඉතා ඇගයීමෙන් යුක්තව කතා කල අතර බොහෝ දෙනෙක් තම ඉගැනුම් කටයුතු සදහා ඒවා යොදාගැනිමට කටයුතු කරන බව ප්‍රකාශ කරනු ලැබීය

හොදම නැණසල බ්ලොග් අඩවිය

රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය ඒකකය මගින් පවත්වන්නට යෙදුන සිංහල බ්ලොග් කරන තරගාවලියේ නැණසල අංශය යේ හොදම බ්ලොග් අඩවිය ලෙස Hanthana From Dheerananda බ්ලොග් අඩවිය තේරී ඇති බව සතුටින් දැනුම් දෙමු.


මෙම ජයග්‍රහණය පසුපස සිටින බොහෝ දෙනා මේ අවස්ථාවෙ සිහිපත් කරමු. බ්ලොග්කරණය පිළිබද පැහැදිලි දසුනක් අප වෙත නොතිබූ අවස්ථාවේ හන්තාන ලිනක්ස් වෙනුවෙන් අප සිදුකරන දැ ඇතුලත් කිරමට බ්ලොග් අඩවියක් තැනිමට අපව දිරිමත් කල ඩනිෂ්ක නවීන් මහතාට අපගේ සැම ක්‍රියාවකදීම අප පසුපස සිටි හන්තාන ලිනක්ස් කණ්ඩායමටත් මෙම තරගයට අපේ බ්ලොග් අඩවිය ඇතුලත් කිරීමට පාර කියා දුන් බිම්සර ටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු