නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම

අගෝස්තු 15- හවස් වරුවේ නිවෙස් වලට යාමේ වැඩසටහන ආරම්භ කරනු ලැබීය. සවස 2 සිට 5 දක්වා නිවෙස් 50 කට වැඩි ප්‍රමාණයකට ගොස් විවෘත කේත මෘදුකාංග හා නැණසල සේවා පිළිබඳ දැනුවත් කිරීමට සමත් විය. අප ගිය නිවෙස් අතරින් පරිගණක නොතිබූ නිවෙස් ගණන අතේ ඇගිලි ගණනටත් අඩු විය. ඒ අතරින් ලිනක්ස් භාවිතා කරන එක් නිවසකුදු නොවීය. එසේම අව්‍යාජ මෘදුකාංග භාවිතා කරන්නන් හමු වූයේ දෙදෙනෙක් පමණී. අනෙක් අයගෙන් බොහෝ දෙනෙක් විවෘත මෘදුකාංග සඳහා කැමැත්තක් දැක්වීය. හන්තාන ප්‍රතිස්ථාපනය සඳහා 21 දින තම පරිගණක ආයතනයට ගෙන ඒමට බොහෝ දෙනෙක් කැමති විය.
No comments:
Post a Comment