පින්තුර උඩුගත කිරීමට කලින්..........

අප අද පටන් අපේ බ්ලොග් අඩවියේ හාන්තාන මෘදුකාංග හා භාවිතයේදී අවශ්‍ය වන දැ පිළිබද ව කතා කිරීමට සිතුනා. බොහෝ කාලයක් තිස්සේ අපේ බ්ලොග් අඩවියේ කිසිම දෙයක් නොලියවීමට හේතු තිබ්බා. ඒ ගැන කතා නොක ර අද මාතෘකාව ගැන කතා කරමු.

අපි බොහෝ දෙනෙක් ඩිජිටල් කැමරා භාවිතා කරනවා. ඒවායින් ගන්නා ඡායාරූප එකිනෙකා සමග හුවමාරු කර ගන්නවා. ඒ වගේම අපේ බ්ලොග් වල, වෙබ් සයිට් වල, මූණු පොතේ, වගේ තැන්වලට උඩුගත කරනවා. එහෙම කරන්නට කලින් හිතන්න වෙන දෙයක් ගැනයිමේ ලියන්නේ

අළුත් කැමරා වල මෙගා පික්සෙල් අගය ගොඩක් වැඩියි. ඒවගෙන් පින්තුර ගත්තම ඒවගේ ෆයිල් සයිස් එක ගොඩක් ලොකුයි. මෙගාබයිට් 3 ක් 5 ක් සමහර විට ඊටත් වඩා වැඩියි. ඒ වගේ පින්තුර 10 ක් විතර ගත්තොත් මෙගා බයිට 30 ක් 50 ක් තරම් විශාල වෙනවා. අපි මේ ටිට ඊ මේල් කරන්න ගියාම තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. මොකද ඊමේල් එකේ ඇටැච්මන්ට් සයිස් එක වැඩි වෙන එක. ගොඩක් ඒවගේ 30 ක් මෙගාබයිට් වලට වඩා දෙන්නේ නැ. ඒ වගේ මයි ඒක ඇටැච් වෙන්න යන කාලය. සැහෙන වෙලාවක් බලා ඉන්න වෙනවා. අනික ඇත්තටම අපිට ඒ වගේ ලොකු සයිස් පින්තුරයක් ඕනෙද කියන එක තමයි අනිත් ප්‍රශ්නය. ඇත්තටම ඕනෙම නම් කමක් නැ.  ඒත් බොහෝ විට අපිට වඩා විශාල පින්තුර ඕනේ නැ.

අනික වෙබ් සයිට් එකක ට හරි මූණු පොතට හරි බ්ලොග් එකකට හරි ලොකු පින්තුර උඩුගත කලාට වැඩක් නැ. ඒවා අපිට පෙන්වන සයිස් එකට කුඩා කරලා තමයි පෙන්වන්නේ. වෙබ් පිටුවක නම් උපරිම පළල පික්සෙල් 900 ක් 1000 ක් වගේ තමයි තියෙන්නේ. එතකොට අපි යවන පින්තුරයත් ඒ ප්‍රමාණයට කුඩා කරලා තමයි පෙන්වන්නේ. ඉතිං ඒ ප්‍රමාණයට ගන්න පින්තුරයක සයිස් එක කිලෝ බයිට් ගාණට අඩු වෙනවා. එහෙම වුනොත් අපිට යවන්න පුළුවන් පින්තුර ගණනත් ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම යන කාලයත් ගොඩක් අඩු වෙනවා. වියදමත් ගොඩක් ඉතිරි වෙනවා. මොකද ගොඩක් බ්රෝඩ්බැන්ඩ් ලයින් වල අය වන්නේ භාවිතා කරන දත්ත ප්‍රමාණයට වීමයි.

ප්‍රශ්නේ ඒක නෙවෙයි. කොහොමද පින්තුරයක සයිස් එක අඩු කර ගන්නේ කියන එක. මේකට මොකක් හරි ෆොටෝ එඩිටින් ටූල් එකක් (Gimp, Photoshop) වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒක් පින්තුර ගොඩක් තිබුනොත් එකින් එක කරන්න වෙන අමාරුව ගැන හිතුවම වැඩේ එපා වෙනවා.

හැබැයි හන්තාන භාවිතා කරන අපිට මේ ප්‍රශ්ණය ප්‍රශ්නයක්ම නෙවෙයි.

හන්තානේ තියන File Manager එකෙන් අදාල පින්තුර තියෙන බහාලුමට නැත්තං ෆෝල්ඩර් එකට යන්න. කුඩා කල යුතු පින්තුර ඔක්කොම තෝරලා රයිට් ක්ලික් කරලා Resize images තෝරන්න. ඊට පස්සේ පින්තුර කොපමණ ප්‍රතිශතයකින් කුඩා කරන්න ඕනෙද එහෙම නැත්තං දිග පළල දීලා ඒ ගානට කුඩා කර ගන්ට ඕනෙද කියලා දෙන්ට.


පුදුම හිතෙයි. ඒ ඔක්කොම පින්තුර ටික කුඩා වේවි ඔබ කියු ලෙසටම. දැන් ඉතිං ඒ ඔක්කොම එක ෆෝල්ඩරයකට දාලා Zip කරලා මේල් කරන්න පුඵවන්. එහෙම නැත්තං උඩුගත කරන් පුළුවන් ඕනෙ තැනකට.

Zip කරන එක කරන්නත් රයිට් ක්ලික් කරලා කරන්න පුඵවන්..

මේ මම එහෙම කරපු තැනක්....
http://www.dheerananda.org/sinhala/index.php?option=com_content&view=article&id=108&Itemid=94

බලන්න ඔබට මෙය ප්‍රයෝජනවත් වූවාද කියා....

3 comments:

  1. සත්තකින්ම. බොහෝම ස්තුතියි

    ReplyDelete
  2. මේක සිරා...
    මේ මුදුකාංගය ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලත් දැම්මානම් වටිනාකම තවත් වැඩි වෙනවා.
    දැනුවත් කළාට ස්තූතියි.

    ජය වෙවා!!!

    (වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළානම් හොද නැද්ද)

    ReplyDelete
    Replies
    1. රනා මේ හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුල පෙර නිමියෙන්ම තියන පහසුකමක්...
      හන්තාන ලිනක්ස් පිළිබද වැඩි විස්තර www.hanthana.org වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.

      වරඩි වෙරිෆිකේෂන් ඉවත් කලා. ඒ පිළිබද දැනුවත් කලාට ස්තුතියි.

      Delete