කැලණිය අධ්‍යාපන කලාපය තුල දක්ෂතා සහිත දරුවන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් 2011-12-08 වැනි දින බප/කැල/ සපුගස්කන්ද මහා විද්‍යාලයේදී පැවැත්වීමට යෙදුනි. එම අවස්ථාවට හන්තාන ලිනක්ස් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවක් අපට උදාවිය. තොරතුරු තාක්ෂණය ප්‍රදර්ශන කුටියේ හන්තාන ලිනක්ස් පිලිබදව දැනුවත් කිරීම සඳහා ධීරානන්දයේ කණ්ඩායම ක්‍රියාකල ආකාරය පිළිබද ඡායාරුප කීපයක් දක්වා ඇත.
Sri Dheerananda nanasala- with hanthana Linux ශ්‍රී ධීරානන්ද නැණසල හන්තාන ලිනක්ස් සමගින්
කැලණිය අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් සදහා හන්තාන ලිනක්ස් හදුන්වා දීමේ වැඩසටහන
කැලණිය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් හා සිසුන් සදහා හන්තාන ලිනක්ස් හදුන්වා දීමේ වැඩසටහනක් 2011-09-31 දින පෙ.ව. 9.00 සිට ප.ව.2.00 දක්වා වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන්නට යෙදුනි. මේ සදහා කැලණිය කලාපයේ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරු මහත්ම මහත්මීන් 40 කට අධික සංඛ්‍යාවක් ද සිසු සිසුවියන් 150 කට අධික සංඛ්‍යාවක් ද සම්බන්ධ විය. මෙහිදී සෑම පාසැලකටම එක් හන්තාන ලිනක්ස් DVD තැටියක් හා හන්තාන ලිනක්ස් පෝස්ටරයක් බැගින් ලබා දීමට අපට හැකි විය.
කැලණිය අධ්‍යාපන කලාපයේ තොරතුරු තාක්ෂණය විෂය අධ්‍යක්ෂිකා තිලිණා නානායක්කාර මහත්මිය හා තොරතුරු තාක්ෂණය ගුරු උපදේශක චින්තක කුලතිලක මහතාගේ අනුග්‍රාහක මග පෙන්වීම මත ධීරානන්ද හන්තාන ප්‍රජාවේ කණ්ඩායම වැඩසටහන සංවිධානය කරනු ලැබීය. වැඩසටහන මෙහෙයවිම ගා/කලහේ ශ්‍රී සංමගලෝදය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය විෂය භාර ආචාර්ය බන්දුල පුෂ්පකුමාර මහතා හා බප/කැල/ ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙනෙහි තොරතුරු තාක්ෂණය විෂය භාර ආචාර්ය හා ධීරනන්ද නැණසල කළමණාකාර අධ්යක්ෂ ලක්ෂ්මන් තිලකරත්න යන මහත්වරු විසින් සිදු කරනු ලැබිය. මෙම අවස්ථාවට යෞවන කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ උපදේශක ධනිෂ්ක කෞෂාල් මහතාද සහභාගි විය.
නිවාඩුවෙන් පසු
පාසැල් නිවාඩු කාලය අවසන් වෙලා මාසයක විතර කාලයක් ගතවී ඇත. මෙම කාලය තුල හන්තාන ලිනක්ස් ව්‍යාප්ත කිරීමට සිදුකරන ලද ක්‍රියාකාරකම් බොහාමයක් තිබූ නමුත් ඒ පිළිබදව ලිවීමට නොහැකි වීම පිළිබදව කණගාටු වෙමු.
මේ වන විට අප ප්‍රදේශයට හන්තාන ලිනක්ස් යනු අලුත් දෙයක් නොවන තැනට පත්වී ඇති බව සතුටින් යුතුව ප්‍රකාශ කල යුතුය. සෑම දිනකම පාහේ කවරෙකු හෝ මේ පිළබද විමසා DVD තැටි රැගෙන යාම එයට ප්‍රධානම සාක්ෂියකි. අප ප්‍රදේශයේ පරිගණක වෙලදසැල් දෙකක දැනට හන්තන ස්ථාපනය කිරීම අරඹා ඇත. ඔවුන් අලෙවි කරන පරිගණක සදහා මෙහෙයුම් පද්ධතිය ලෙස හන්තාන ලිනක්ස් ඇතුල් කිරීම අපටද මහත් සතුටකි.
(ඡායාරෑප ඇත. පසුව එක් කරමි- සමාවන්න)
හන්තාන ස්ථාපනය කිරීමේ දිනය
පැමිණි පිරිසක් හන්තාන ගැන දැනුවත් වෙමින් |
අගෝස්තු 21 දිනය ධීරානන්ද විද්‍යායතන නැණසල ට සුවිශේෂී දිනයක් විය. ඒ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියේ අවසාන දිනය වීමයි. එදින ප්‍රදේශයේ නිවෙස්වල තිබූ ක්‍රියා විරහිත ව තිබූ පරිගණක යන්ත්‍ර නැණසල වෙත ගෙනවිත් නොමිලයේ අළුත්වැඩියා කරදීම සිදුකරනු ලැබීය. එසේම නිවෙස්වලින් ගෙනන ලද පරිගණක සඳහා නොමිලයේ හන්තාන ලිනක්ස් ස්ථාපනය කර දීමද සිදුවිය.
රැගෙන එනු ලැබූ පරිගණක ලියාපදිංචි තරමින් |
උදෑසන 8.30 සිට ප.ව.6.00 පමණ වන තෙක් මෙම කටයුතු සිදුකරනු ලැබීය. මෙහිදී පරිගණක යන්ත්‍ර 20 කට අධික ප්‍රමාණයක් අළුත්වැඩියා කර ක්‍රියාත්මක තත්වයට පත්කරනු ලැබීය. එසේම තවත් පරිගණක 15 කටද ඇතුළුව පරිගණක යන්ත්‍ර 35 කට පමණ ප්‍රමාණයකට හන්තාන ලිනක්ස් ස්ථාපනය කර දෙනු ලැබීය.
පරිගණක අඵත්වැඩියා කරමින් |
මහනිද ප්‍රනාන්දු මහතා ඇතිවූ ගැටළුවක් නිරාකරණය කරමින් |
හන්තාන පෝස්ටර්
හන්තාන ලිනක්ස් හි ඇති වැදගත්කම අවබෝධ කරගත් දිමුතු මුද්‍රණාලයේ කළමණාකාර මහතා හන්තාන ලිනක්ස් පිළිබඳ පෝස්ටර් 200ක් මුද්‍රණය කර අප වෙත ලබා දුන්නේය. එතුමා සමාජයට යහපත් දෙයක් දීමට දැක්වූ සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය වේ.මෙම පෝස්ටර් කැලණිය අධ්‍යාපන කළාපයේ පාසැල් වල දැන්වීම් පුවරු වෙත යැවීමට ක්‍රමවේදයක් සැකසීමට අපි අදහස් කරමු.
අගෝස්තු 17
අගෝස්තු 17
කැලණිය කලාප කාර්යාලයේ පැත්තක දාලා තිබුණ පරිගණක ගොඩක් එවලා තිබුණා. අළුත්වැඩියා කිරීමේ වැඩසටහනට.
කැලණිය කලාප කාර්යාලයේ පැත්තක දාලා තිබුණ පරිගණක ගොඩක් එවලා තිබුණා. අළුත්වැඩියා කිරීමේ වැඩසටහනට.
නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම- දෙවන දිනය
රොෂාන්ගේ අම්මා සහ නංගිලා තුන්දෙනා |
![]() |
දිවා ආහාරය ගනිමින් |
නිවෙසින් නිවසට ගොස් දැනුවත් කිරීම
තොරතුරු තාක්ෂණ සතියේ සමාරම්භක උලෙල
අනතුරුව එළඹුනේ වැඩසටහනේ වැදගත්ම අවස්ථාවයි. ඒ හන්තාන ලිනක්ස් කැළණියට හදුන්වාදිමේ අවස්ථාවයි. මේ සඳහා “හන්තාන ලිනක්ස්” නිර්මාතෘ ඩනිෂ්ක නවින් මහතාගේ ආරාධනයෙන් හන්තාන කමියුනිටි වෙනුවෙන් පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිගණක ඉන්ජිනේරු බුද්ධික කරුණානායක මහතායි. පරිගණක මෙහෙයුම් පද්ධතිය, ව්‍යාජ මෘදුකාංග, වානිජ මෘදුකාංග සඳහා දැරිය යුතු වියදම, විවෘත කේත මෘදුකාංග, ග්නූ/ලිනක්ස්, හන්තාන, හන්තානහි අන්තර්ගතය, වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව ලිනක්ස් මෘදුකාංග වල ඇති ඉහළ ගුණාත්මක භාවය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් තම කථාව තුලින් පැහැදිලි කර දුන්නේය. දෙමාපියන් හා කුඩා දරුවන් වැඩි පිරිසක් සිටි බැවින් ලිනක්ස් හි තාක්ෂණික ගුණාංග වලට වඩා එහි අන්තර්ගත වැඩසටහන් පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් කිරීමට එතුමා උත්සහ ගත්තේය. කෙසේ නමුත් පැය දෙකකට ආසන්න කාළයක් තුලදී ලිනක්ස් පිළිබඳ යම් වැටහීමක් පැමිණි පිරිසට ලබා දීමට එතුමා සමත් විය. පිරිස ඇසූ විවිධ ප්‍රශ්න සඳහා ද පිළිතුරු දිමෙන් අනතුරුව එතුමාගේ ෙද්ශනය අවසන් විය.
අනතුරුව ස්තුති කථාව සමග වැඩසටහන නිමා විය. වැඩසටහන මෙහෙයවීමෙන් සහය වූයේ සුරාජ් බස්නායක මහතායි.
වැඩසටහන නිමා වීමෙන් පසු බුද්ධික කරුණානායක මහතා තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් හා විෂය භාර ආචාර්ය වරයා සහ විෂය දැනුම ඇති පිරිසක් සඳහා ලිනක්ස් ටර්මිනලය පිළබඳ පැහැදිලි කර දීමක් කළේය. එය ඒ සියළු දෙනාටම ඉතාමත් වැදගත් විය.
වැඩසටහන නිමා වීමෙන් පසු බුද්ධික කරුණානායක මහතා තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් හා විෂය භාර ආචාර්ය වරයා සහ විෂය දැනුම ඇති පිරිසක් සඳහා ලිනක්ස් ටර්මිනලය පිළබඳ පැහැදිලි කර දීමක් කළේය. එය ඒ සියළු දෙනාටම ඉතාමත් වැදගත් විය.
ප්රචාරක රථය

හන්තාන වෙනුවෙන් අපි වැඩකරපු හැටි
මේ ඉන්නෙ අපේ ආදරණීය තිලකරත්න සර්
2011.08.08:-ඩනිෂ්ක මහත්මයා ගෙන් අපේ සර්ට හන්තාන ලැබුනෙ අදයි,
ධීරානන්ද තොරතුරු තාක්ෂණ සතිය වෙනුවෙන් අපි පෝස්ටර් ගහන්න ගිය හැටි
අපි වැඩේ තිතට කළා
මේ ඉන්නේ රොෂාන් චාමර නොහොත් අපේ ටෙක්නික්
අපේ කම්පියුටර් ලැබ් එකේ 512Mb ram තියන මැෂින් විතරයි තියෙන්නේ. හන්තාන run වෙන්න ඇති වුනාට
install කරද්දී ටිකක් අමාරුයි ඒකට අපේ ටෙක්නික් පොඩි ටෙක්නික් වැඩක් දැම්මා මොකත්ද දන්නවාද?
තව කොම්පියුටරයකින් Ram එකක් ගලවගෙන හයි කරලා හන්තාන install කරලා පස්සෙ Ram එක ගලවලා දාන එක.වැඩේ තිතටම හරි. ඕනෙනම් කරලා බලලා කමෙන්ට් එකක් දාන්න.
මේ තමයි අපේ Blogger නොහොත් (E-Media) මෙයා තමයි මේ බ්ලොග් අඩවි නර්මාණය කරන්නේ නම අංජන පිගේරා පොඩි වැඩකාරයෙක්
මේ අපේ ටීම් එකේ ටික දෙනෙක්.අපිට තියනඑකම D.V.D. Writter එක මාරු කර කර අපි මෙහෙම තමයි හන්තාන දා ගත්තේ.
අද 2011-08-11 අද වෙනකොට අපි කම්පියුටර් 11 කට හන්තාන ලිනක්ස් දැම්මා .ඒවා ඔක්කොම තිතට වැඩ.
ශ්‍රී ධීරානන්ද විද්‍යායතන නැණසලෙන් තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියක්
කිරිබත්ගොඩ- මාකොල- තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් පරිගණක ඒකකය හා නැණසල ඒකාබද්ධව අගොස්තු මස 14 සිට 21 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇත.

අපි කුමක් කරමුද? අපි සියළුදෙනා නීතිය ඉදිරියේ වරද කරුවන් වෙමුද? නැතහොත් අපගේ පරිගණක තුලට එක් පරිගණකයක් සඳහා රුපියල් ලක්ෂයකට වඩා වියදම් කර මෘදුකාංග ස්ථාපනය කර ගනිමුද? මේ කටයුතු දෙකම අපට කළ නොහැකිය. මේ සඳහා සුදුසුම විසදුම වන්නේ විවෘත කේත මෘදුකාංග භාවිතයට අප හුරු වීමයි. විවෘත මෘදුකාංග යනු නොමිලයේ ලබාගතහැකි ඕනෑම අයෙකුට සංවර්ධනය කිරීමේ නිදහස ඇති මෘදුකාංග විශේෂයකි. වානිජ මෘදුකාංග වලට සාපේක්ෂව මේවායේ ඉහල ගුණාත්මක භාවයක් ද ඇත. එසේම පිටපත් කිරීමේ නිදහසද පවතී.
ධීරානන්ද තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන සතිය තුලදී “හන්තාන ලිනක්ස්” පරිගණක වැඩසටහන් පද්ධතිය ප්‍රදේශයට හදුන්වා දීම සිදුකරයි. මෙහි ඇති විශේෂත්වය වනුයේ විවෘත මෘදුකාංග පද්ධතියක් වීම, අධ්‍යාපනික මෘදුකාංග රාශියක් අන්තර්ගතව තිබීමත්, සිංහල, දෙමළ භාෂා සදහා හොද අනුකූලතාවයක් දැක්වීමත් සදහන් කල හැකිය.
මීට අමතරව වැඩිහිටි පරම්පරාව පරිගණකය පිළිබද දැනුවත් කිරීම, ළමුන් සදහා ක්‍රීඩා භාණ්ඩයක් ලෙස නොව ඉගෙනුම් මෙවලමක් ලෙස පරිගණකය භාවිතා කිරීමට හුරුකිරීම සදහා විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.
මෙහිදී ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන වැඩසටහන්
අගෝස්තු 14 – පෙ.ව. 9.00 සිට 12.00 දක්වා
· විශේෂ දේශනය- පරිගණකය හා දරුවා
· විශේෂ දේශනය- විවෘත කේත මෘදුකාංග හා ශ්‍රී ලංකාවේ අනාගතය
· හන්තාන ලිනක්ස් හඳුන්වාදීම
අගොස්තු 15-20
නිවෙසින් නිවසට ගොස් විවෘත කේත මෘදුකාංග පිළිබඳ හා අන්තර්ජාලය තුල සිංහල භාවිතය පිළිබඳ දැනුවත් කිරීම
අගෝස්තු 21-
නොමිලයේ පරිගණක අළුත්වැඩියා කිරීමේ වැඩමුළුව
ප්‍රදේශයේ නිවෙස්වල ඇති අබලි වූ පරිගණක ශ්‍රී ධීරානන්ද විද්‍යායතනයට ගෙනවිත් අළුත්වැඩියා කරදීමේ වැඩසටහන.
මෙම කටයුතු වලට සමගාමීව පරිගණක අලෙවිසැලක් ද ක්‍රියාත්මක වේ.
ප්‍රදේශ වාසීන්ට මෙහිදී අඩු මිලට වගකීමක් සහිතව පරිගණක යන්ත්‍ර මිලදී ගැනිමට මෙහිදී අවස්ථාව ලැබේ.
මෙම සමස්ථ කටයුතු සඳහා අනුශාසකත්වය දක්වනු ලබන්නේ තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පරිවේනාධිපති කොළඹ නව කෝරළයේ හා නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය සද්ධර්මකීර්ති ශ්‍රී පානකාවේ පේමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම කටයුතු මෙහෙයවනු ලබන්නේ විද්යායතනීය පරිගණක අංශභාර ආචාර්ය හා නැණසල කළමණාකරණ අධ්යක්ෂ ලක්ෂ්මන් තිලකරත්න මහතා සහ ආයතනයේ තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන් විසිනි.
මෙම කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා කැළණිය කළාප අධ්‍යාපන කාර්යාලය හි සහය ලැබෙන අතර එම නිළධාරී මහත්ම මහත්මීන් ද ප්‍රදේශයේ ප්‍රභූ පිරිස්ද මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිතය.
Subscribe to:
Posts (Atom)